AFC Banner
Empty Ad
Empty Ad

හැරී බෘක් මංගල ත්‍රිත්ත්ව ශතකයට හිමිකම් කියයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හැරී බෘක් සිය මංගල ටෙස්ට් ත්‍රිත්ත්ව ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ මේ වනවිට (10) පාකිස්තානයට එරෙහිව මුල්තාන් නුවර දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දීයි.

අද තරගයේ සිව්වැනි දිනය වන අතර එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණය අරඹා තිබෙනවා.

මේ වනවිට එංගලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 781ක් ලබා සිටිනවා.

මෙම දැවැන්ත ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ දී හැරී තුන්වැනි කඩුල්ලට පිටියට පිවිසි අතර ඔහු සිය සගයා වූ ජෝයි රූට් සමග එක් ව ද්විත්ව ශතක ලබා ගැනීම ද අද දිනයේ දී කැපී පෙනුණා.

හැරී අද දිනයේ දී ලබාගත්තේ සිය මංගල ද්විත්ව ශතකය වන අතර ඊට පැය කිහිපයකට පසුවයි හෙතෙම ත්‍රිත්ත්ව ශතකයට ද හිමිකම් කීවේ.

ටෙස්ට් තරගයක සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළතම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා.

ලකුණු 454ක දැවැන්ත සබඳතාවක් රූට් සමගින් ගොඩනගන්නට ද හැරී බෘක් සමත් වීම ද කැපී පෙනුණා.

හැරී බෘක් පන්දු 317ක දී ලකුණු 314ක් රැස් කරගෙන සිටිනවා.

ඊට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 29ක් ඇතුළත්.

මේ වනවිට එංගලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 792ක් ලබා පාකිස්තානයේ පළමු ඉනිමට වඩා ලකුණු 236ක් ඉදිරියෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?