AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ එක්දින හා T20 සංචාරයකට කොදෙව්වෝ දිවයිනට (ඡායාරූප)

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරය සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (10) උදෑසන එම කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පෙරවරු 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පන්දුවාර 20 තරග 03ක් සහ එක්දින තරග 03ක් පැවැත්වෙනු ඇති.

එම තරගවලින් පළමු විස්සයි විස්ස තරග එළඹෙන 13 ,15 සහ 17 යන දිනවල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

මීට අමතරව එක්දින තරග එළඹෙන 20, 23 සහ 26 යන දින වල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා – රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

IMG 20241010 WA0014
IMG 20241010 WA0018
IMG 20241010 WA0016
IMG 20241010 WA0017
IMG 20241010 WA0015
IMG 20241010 WA0019
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?