AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකාවෙන් ලකුණු 167ක ඉලක්කයක් – ඉලක්කය හඹා යෑම ඇරඹෙයි

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ස්කොලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 167ක ඉලක්කයක් හිමි වුණා.

ඒ මේ වනවිට (09) දෙරට අතර පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ බී කාණ්ඩය යටතේ පැවැත්වෙන තරගයේ දී කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව සිය පන්දුවාර 20 අවසානයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තා.

එහිදී ප්‍රවේගකාරී ඉනිම් දියත් කරමින් Marizanne Kapp පන්දු 24කදී ලකුණු 43ක් ද, ටස්මින් බ්‍රිට්ස්ගෙන් ද ලකුණු 43ක් ද සිය කණ්ඩායම වෙනුවෙන් එකතු වුණා.

නායිකා ලෝරාගෙන් ලකුණු 40යි.

කඩුලු බිඳ දැමීමේ දී රචෙල් ස්ලැටර්, කැතරින් බ්‍රයිසි, ඔලීවියා බෙල්, කැතරින් ෆ්‍රසර් සහ ඩාර්සි කාටර් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

මේ වනවිට ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් ජයග්‍රහණය සඳහා ලකුණු 167ක ඉලක්කයක් හඹා යෑම අරඹා තිබෙනවා.

ඔවුන් පන්දුවාර 2කුත් පන්දු 05ක් අවසානයේ දී කිසිවෙකු නොදැවී ලකුණු 14ක් ලබාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?