විලියම්සන්ට ඉන්දියාවට යාම ප්‍රමාද වෙයි – මයිකල් බ්‍රෙස්වෙල්ගේ සහාය පළමු තරගයට පමණක් සීමා වෙයි

නවසීලන්තයේ මුල් පෙළ පිතිකරුවෙකු වන කේන් විලියම්සන් හට ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය අහිමි ව තිබෙනවා.

පසුගියදා ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය අවසන් වනවිට විලියම්සන් හට ඉණ කොටසේ මස් පිඬු වේදනාවක් සමග ආබාධයක් ඇති වුණා.

ඉන් අනතුරුව ඔහු සිය කණ්ඩායම සමග යළි මව් රටට ගිය ද එම රෝගී තත්ත්වය සුව වී නැහැ.

තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් එළඹෙන 16 වැනිදා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මේ වනවිට නවසීලන්ත කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

සංචිතයට ඇතුළත් කර සිටින කේන් විලියම්සන් හට සිය කණ්ඩායම සමග ඉන්දියාවට යාමට හැකි වී නැහැ.

ඒ ඔහු තවමත් ඉණෙහි ඇති වූ ආතති තත්ත්වයෙන් පෙළෙන බැවින් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඔහු වෙනුවට මාර්ක් චැප්මන් සංචිතයට එක් කර තිබෙනවා.

ටොම් ලැතම් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ඇති.

එමෙන්ම නවසීලන්ත කණ්ඩායමේ මයිකල් බ්‍රේස්වේල් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට පමණක් ක්‍රීඩා කරන බව ද වාර්තා වනවා.

ඔහු සිය දෙවැනි දරුවාගේ උපත සඳහා සිය මව් රටට යාමට අවශ්‍ය බව කිවි තේරීම් කමිටුවට දන්වා ඇති බවත්; එබැවින් සෙසු තරග දෙක සඳහා මයිකල් බ්‍රේස්වෙල් වෙනුවට ඉෂ් සෝදි එක් කර ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?