විලියම්සන්ට ඉන්දියාවට යාම ප්‍රමාද වෙයි – මයිකල් බ්‍රෙස්වෙල්ගේ සහාය පළමු තරගයට පමණක් සීමා වෙයි

නවසීලන්තයේ මුල් පෙළ පිතිකරුවෙකු වන කේන් විලියම්සන් හට ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය අහිමි ව තිබෙනවා.

පසුගියදා ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය අවසන් වනවිට විලියම්සන් හට ඉණ කොටසේ මස් පිඬු වේදනාවක් සමග ආබාධයක් ඇති වුණා.

ඉන් අනතුරුව ඔහු සිය කණ්ඩායම සමග යළි මව් රටට ගිය ද එම රෝගී තත්ත්වය සුව වී නැහැ.

තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් එළඹෙන 16 වැනිදා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මේ වනවිට නවසීලන්ත කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

සංචිතයට ඇතුළත් කර සිටින කේන් විලියම්සන් හට සිය කණ්ඩායම සමග ඉන්දියාවට යාමට හැකි වී නැහැ.

ඒ ඔහු තවමත් ඉණෙහි ඇති වූ ආතති තත්ත්වයෙන් පෙළෙන බැවින් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඔහු වෙනුවට මාර්ක් චැප්මන් සංචිතයට එක් කර තිබෙනවා.

ටොම් ලැතම් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ඇති.

එමෙන්ම නවසීලන්ත කණ්ඩායමේ මයිකල් බ්‍රේස්වේල් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට පමණක් ක්‍රීඩා කරන බව ද වාර්තා වනවා.

ඔහු සිය දෙවැනි දරුවාගේ උපත සඳහා සිය මව් රටට යාමට අවශ්‍ය බව කිවි තේරීම් කමිටුවට දන්වා ඇති බවත්; එබැවින් සෙසු තරග දෙක සඳහා මයිකල් බ්‍රේස්වෙල් වෙනුවට ඉෂ් සෝදි එක් කර ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14