AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර තොග මිලට ඉදිරියේ දී පාලන මිලක් (වීඩියෝ)

පාරිභෝගිකයාට දරාගත නොහැකි ලෙස බිත්තර මිල ඉහළ ගියහොත් බිත්තර තොග මිල සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව පාරිභෝරික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ (වැටලීමේ හා විමර්ශන අංශය) සංජීව ඒරසිංහ පවසනවා.

අද (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව බිත්තර නිෂ්පාදකයාට සහ තොග වෙළෙන්දාට පාලන මිල නියම කරමින් ගැසට්ටුවක් නිකුත් කිරීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ වනවිට වෙළඳපොළේ බිත්තර මිල රුපියල් 40ත් 50ත් අතර අගයක් ගනු ලබනවා.

මීට සති දෙකකට පමණ පෙර වෙළඳපොළේ බිත්තරයක් රුපියල් 28ත් 32ත් අතර මිලකට අලෙවි කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?