AFC Banner
Empty Ad
Empty Ad

මහ මැතිවරණය නිරීක්ෂණයට රටවල් සහ සංවිධාන රැසකින් නිරීක්ෂකයින්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය සඳහා ද රටවල් අටක නිරීක්ෂකයින්ට ඇරයුම් කර ඇති බව වාර්තා වනවා.

සාක් කලාපීය රටවල් සහ රුසියාවෙන් එම නිරීක්ෂකයින් මෙරටට පැමිණෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඊට අමතරව මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයි සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් ද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයින් ද මේ සඳහා පැමිණෙනු ඇති බවයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (08) නිවේදනය කළේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කිරීමට හෙට (10) දිනය දක්වා අවස්ථාව ලබාදෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?