AFC Banner
Empty Ad
Empty Ad

ටෙක්නිකල් හංදියේ දී කාන්තාවක් මරා දැමූ අපරාධකරු අල්ලයි

කෙලෙස්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හංදිය ප්‍රදේශයේ දී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඝාතනය සඳහා යොදාගත් බව කියන පිහිය ද සොයාගත් බවයි පොලිසි සඳහන් කළේ.

පසුගිය 07 වනදා අලුයම් කාලයේ මෙම ඝාතනය සිදුව තිබූ අතර, ඝාතනය සිදු කිරීමෙන් පසු සැකකරු පළාගොස් තිබුණා.

අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවල දී අදාළ සැකකරු තිඹිරිගස්යාය ප්‍රදේශයේ දී ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ගාල්ල, පුහුල්හේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයෙක් බව සඳහන්.

ඝාතනය ලක්වූ කාන්තාව සහ සැකකරු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් මත සැකකරු විසින් කාන්තාවට තියුණු ආයුධයකින් පහර දී තිබුණා.

එහිදී බරපතළ තුවාල ලබා සිටි එම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වූ බවයි තොරතුරු වාර්තා වුණේ.

කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?