ටෙක්නිකල් හංදියේ දී කාන්තාවක් මරා දැමූ අපරාධකරු අල්ලයි

කෙලෙස්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හංදිය ප්‍රදේශයේ දී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඝාතනය සඳහා යොදාගත් බව කියන පිහිය ද සොයාගත් බවයි පොලිසි සඳහන් කළේ.

පසුගිය 07 වනදා අලුයම් කාලයේ මෙම ඝාතනය සිදුව තිබූ අතර, ඝාතනය සිදු කිරීමෙන් පසු සැකකරු පළාගොස් තිබුණා.

අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවල දී අදාළ සැකකරු තිඹිරිගස්යාය ප්‍රදේශයේ දී ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ගාල්ල, පුහුල්හේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයෙක් බව සඳහන්.

ඝාතනය ලක්වූ කාන්තාව සහ සැකකරු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් මත සැකකරු විසින් කාන්තාවට තියුණු ආයුධයකින් පහර දී තිබුණා.

එහිදී බරපතළ තුවාල ලබා සිටි එම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වූ බවයි තොරතුරු වාර්තා වුණේ.

කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50