AFC Banner
Empty Ad
Empty Ad

මලබාර් සමුද්‍රීය අභ්‍යාසය ඇරඹේ

මලබාර් සමුද්‍රීය අභ්‍යාස 2024 අද (08) විශාකාපට්නම් හිදී ආරම්භ වුණා.

මෙම වසරේ ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන මෙම අභ්‍යාසය සඳහා ඔස්ට්‍රෙලියාව, ජපානය සහ එක්සත් ජනපදය ඇතුළු Quad ජාතීන් ද සහභාගී වී සිටිනවා.

මෙම අභ්‍යාසය අදියර දෙකකින් සිදු කෙරෙන අතර, විශාකාපට්නම් හි වරාය අදියරෙන් ආරම්භ වන අතර, ඉන් අනතුරුව මුහුදු අදියරක් ද පැවැත්වීමට නියමිතයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දීය නාවික හමුදාව අතර ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයක් ලෙස 1992 දී ආරම්භ වූ ‘මලබාර්’ අභ්‍යාසය මේ වන විට අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සහ ඉන්දියානු සමුද්‍රීය අභියෝගවලට මුහුණ දීම අරමුණු කරගත් ප්‍රධාන බහුපාර්ශ්වික ඉසව්වක් දක්වා විකාශනය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?