ප්‍රියන්ත වීරසූරියගේ පත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි ව තිබෙනවා.

අද (08) රැස් වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වැඩබලන පොලිස්පති ධුරය පුරප්පාඩුව පැවති පසුබිමක නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා සිය ධුරයෙහි රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 27 වැනි දින ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පති ධුරයට පත් කෙරුණා.

ජනාධිපතිවරයාට පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල යටතේ මෙම ධුරයට ජ්‍යේෂ්ඨ පොලිස්පතිවරයා පත් කෙරුණු අතර එහි පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්මයා විසින් පසුගියදා පිළිගන්වනු ලැබුවා.

ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් සේවා ඉතිහාසයේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස්පතිවරයා දක්වා ඉහළට පැමිණි පළමු නිලධාරියා වීම ද විශේෂත්වයක්.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිධාරියෙකු ලෙස සමත් වූ ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතීඥවරයෙකු ලෙස දිවුරුම්දීමෙන් පසු සහකාර පොලිස් අධිකාරීවරයෙකු (ASP) බවට පත් වුණා.

ඔහු මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ද ව්‍යාපාර පරිපාලන උපාධියක් ලබා ඇත්තෙක්.

අපරාධ සහ රථවාහන අධීක්ෂණ නියෝජ්‍ය පොලිස්පති ලෙස මෙන්ම පොලිස් සැපයුම් අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇති වීරසූරිය මහතා නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි හි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ද එක් වූ නිලධාරියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51