AFC Banner
Empty Ad
Empty Ad

උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීමේ හේතුවෙන් මාතලේ මහාධිකරණය ඔහුට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේ දී පැවති ලෙජන්ඩ් ට්‍රෝෆි 2024 ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට ඔහු විසින් කළ පැමිණිල්ලකට අනුව ගොනු කළ නඩුව මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?