තැපැල් ඡන්ද අයදුම්පත් නොදුන් අයට අතිවිශේෂ නිවේදනයක් (නිවේදනය)

මෙවර මහ මැතිවරණයට තැපැල් ඡන්දය භාවිත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඡන්ද දායකයින් හට මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ තැපැල් ඡන්ද අයදුම්පත් භාරදීම සම්බන්ධවයි.

තැපැල් ඡන්ද අයදුම්පත් මේ වනවිටත් භාර නොදුන් අයෙක් සිටී නම්; හැකි ඉක්මනින් තම තැපැල් ඡන්ද අයදුම්පත්‍රය ආසන්නයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්‍යාලයට අතින් ගෙනැවිත් භාරදෙන ලෙසටයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇත්තේ.

එමෙන්ම තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට (08) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතයි.