”සනත් සල්ලිවලට මෝටිවේට් වෙන කෙනෙක් නෙවෙයි” – ඈෂ්ලිගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

ටෙස්ට් සංචිතය සේම වඩාත් ස්ථාවර මට්ටමක එක්දින හා පන්දුවාර 20-20 ක්‍රිකට් සංචිතයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගෙන ඒමට හැකියාවක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන (නිත්‍ය) පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසනවා.

සනත් ජයසූරිය පැවසුවේ; එම බලාපොරොත්තු වෙනුවෙන් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක් ම ඇපකැප වී මහන්සි වන බවයි.

තමන් දේශීය පුහුණුකරුවෙකු බැවින් අතිශය ඉහළ වගකීමක් තමන් සතුව පවතින බවත්; මෙම රාජකාරිය නිසි පරිදි ඉටු නොකළහොත් මෙරට ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරී ධුරය කිසිදිනෙක දේශීය තැනැත්තෙකුට නොලැබීමේ ඉඩකඩ ඇති බවත් වත්මන් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය අද (07) පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා.

කිසිදිනෙක තමන්ට විශේෂ වූ ක්‍රීඩකයෙකු නොමැති බවත්; රටට සහ කණ්ඩායමට ඒ මොහොතේ අත්‍යවශ්‍යම ක්‍රීඩකයින් තරගවලට ක්‍රීඩා කිරීමට වග බලා ගැනීම වැදගත් බව ද ප්‍රධාන පුහුණුකරු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මේ අතර පසුගිය දිනවල දී සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවති ගිවිසුම්ගත විය හැකි වටිනාකම පිළිබඳව සමාජ මාධ්‍යවල සංසරණය වූ පුවත සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා කියා සිටියේ එලෙස මාධ්‍ය තුළ හුවා දැක්වූ ආකාරයේ කිසිදු අර්බුදයක් සනත් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර උද්ගත නොවූ බවත්; සනත් මුදලට නො නැමෙන චරිතයක් බවයි.

හෙතෙම එම සිදුවීම ගැන ප්‍රකාශ කළේ මෙවැන්නක්;

‘සනත් ඇවිල්ලා සල්ලිවලට මෝටිවේට් වෙන කෙනෙක් නෙවෙයි. එහෙම දෙයක් ඇත්තටම වුණේ නැහැ. අපි ඔෆර් කරපු එක සනත් ගත්තා. සාමාන්‍යයෙන් ඉන්ක්‍රිමන්ට් එකක් කරන්න මාස දෙක තුනක කාලයක් යනවා..” යනුවෙන්.

එමෙන්ම ගිවිසුම්ගත වීමටත් පෙර සනත් ජයසූරිය පැමිණ කණ්ඩායම සමග පුහුණුවීම් ආරම්භ කළ කාරණය ද මෙහිදී ඈෂ්ලි ද සිල්වා මහතා මතක් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකට ඩොලර් මිලියන 10ක් අහිමි වෙනවා
03:05
Video thumbnail
රෑට රෑට ගෙවල්වලට පනින හොරෙක් නිසා ගමක් බියෙන්
01:09
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා ජගත්ට යකා නගියි..ගල් අඟුරු ප්‍රශ්නය මේකෙන් යට ය‍යිද ?
01:47
Video thumbnail
කාන්තාවකට දිවි අහිමි කරලා පළා යමින් සිටි යතුරුපැදිකරු අනතුරකින් රෝහලට
03:21
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45
Video thumbnail
අපිට අත තිබ්බොත් ආණ්ඩුවට අඳුරුතම පැය 72කට මුහුණ දෙන්න වෙයි
02:49
Video thumbnail
අපි කියන්න ඕන දේ විපක්ෂය අපිට කියලා දෙන්න ඕනේ නෑ
14:44
Video thumbnail
පෝළිම් හදලා ආණ්ඩුව පෙරළන්න ඕනි නෑ..බොරුවෙන්ම ගෙදර යයි
04:27
Video thumbnail
විදේශීය තැපැල් කටයුතු ඇණහිටියි ? තැපැල්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:40
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40