පාකිස්තානයට පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය – දෙවැනි කඩුල්ලට ශතකය ඉක්ම වූ නොබිඳුණු සබඳතාවක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (07) ආරම්භ වුණා.

ඒ පාකිස්තානයේ මුල්තාන් නුවර ක්‍රීඩාංගණයේ දීයි.

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය පාකිස්තාන කණ්ඩායම දිනා ගත්තා.

පාකිස්තාන කණ්ඩායමේ නායක ශාන් මසූඩ් (Shan Masood) තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පළමු ඉනිමේ පිතිකරණය අරඹමින් පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස අබ්දුල්ලා ශාෆික් (Abdullah Shafique) සහ සයිම් අයුබ් (Saim Ayub) පිටියට පැමිණියා.

නමුත් ඔවුන්ට පිතිකරණයෙන් සාර්ථක වන්නට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

එංගලන්තයේ වේග පන්දු ක්‍රීඩක Gus Atkinson යොමු කළ පන්දුවකට Jamie Smith විසින් රැක ගන්නා ලද උඩ පන්දුවෙන් සයිම් අයුබ් ලකුණු 04කට යළි ක්‍රීඩාගාරයට හරවා යැවුණා.

කෙසේවෙතත් මේ වනවිට පාකිස්තාන කණ්ඩායම එක් කඩුල්ලක් බිඳ වැටී ලකුණු 111ක් ලබා සිටිනවා.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ Abdullah Shafique සමගින් නායක ශාන් මසූඩ්.

අබ්දුල්ලා සහ ශාන් මසූඩ් අද දිනයේ දී සිය ටෙස්ට් අර්ධ ශතකයක් වැඩි කරගැනීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා නොදැවී ලකුණු 53ක් සහ 60ක් අතැතිව පිටියෙහි රැඳී සිටිනවා.

පාකිස්තානය සහ එංගලන්තය අතර ටෙස්ට් තරග 88ක් පවත්වා ඇති අතර තරග 28ක් ජයගෙන ඇත්තේ එංගලන්තයයි.

තරග 21ක් පාකිස්තානය ජයගෙන තිබෙනවා.

තරග 39ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබීමත් විශේෂත්වයක්.

මෙවර පැවැත්වෙන තරග 03ම 2023-2025 ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ තරග කොටසක් ලෙසටයි පැවැත්වෙන්නේ.

එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ඔලී පොප් (Ollie Pop) විසින් හොබවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21