පාකිස්ථාන ජාතික සිරකරුවන් 56ක් රැගෙන යෑමට ගුවන්යානයක් කටුනායකට

මත්ද්‍රව්‍ය චෝදනා ඇතුළු තවත් වැරදිවලට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගත කර සිටි පාකිස්ථාන ජාතික සිරකරුවන් 56 දෙනෙකු අද (06) දින පස්වරුවේ එරට බන්ධනාගාර නිලධාරීන් වෙත භාරදීම කටුනායක ගුවන් තොටුපොළ තුළ දී සිදු වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළා.

මෙම පිරිස අතරින් 51 දෙනෙකු පිරිමි සිරකරුවන් වූ අතර, ඉතිරි 05 දෙනා කාන්තාවන බවයි වාර්තා වුණේ.

වසර ගනනාවකට පසුව ක්‍රියාත්මක වන මෙම සිරකරු හුවමාරු වැඩසටහන සඳහා මෙම සිරකරුවන් පිරිස රැගෙන යාමට පාකිස්තානයේ සිට විශේෂ ගුවන් යානයක් අද (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානය තුළ පාකිස්ථාන ජාතික බන්ධනාගාර නිලධාරීන් 100කට අධික පිරිසක් පැමිණ සිටින බව ද ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙම පාකිස්ථාන ජාතික සිරකරුවන් ශ්‍රී ලංකාව පුරා පිහිටි බන්ධනාගාරවල රඳවා තබා සිටි සිරකරුවන් බවයි වාර්තා වුණේ.

මොවුන් රැගෙන යාමට නියමිත පාකිස්ථාන විශේෂ ගුවන් යානය අද (06) පස්වරු 05.30 පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?