පාකිස්ථාන ජාතික සිරකරුවන් 56ක් රැගෙන යෑමට ගුවන්යානයක් කටුනායකට

මත්ද්‍රව්‍ය චෝදනා ඇතුළු තවත් වැරදිවලට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගත කර සිටි පාකිස්ථාන ජාතික සිරකරුවන් 56 දෙනෙකු අද (06) දින පස්වරුවේ එරට බන්ධනාගාර නිලධාරීන් වෙත භාරදීම කටුනායක ගුවන් තොටුපොළ තුළ දී සිදු වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළා.

මෙම පිරිස අතරින් 51 දෙනෙකු පිරිමි සිරකරුවන් වූ අතර, ඉතිරි 05 දෙනා කාන්තාවන බවයි වාර්තා වුණේ.

වසර ගනනාවකට පසුව ක්‍රියාත්මක වන මෙම සිරකරු හුවමාරු වැඩසටහන සඳහා මෙම සිරකරුවන් පිරිස රැගෙන යාමට පාකිස්තානයේ සිට විශේෂ ගුවන් යානයක් අද (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානය තුළ පාකිස්ථාන ජාතික බන්ධනාගාර නිලධාරීන් 100කට අධික පිරිසක් පැමිණ සිටින බව ද ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙම පාකිස්ථාන ජාතික සිරකරුවන් ශ්‍රී ලංකාව පුරා පිහිටි බන්ධනාගාරවල රඳවා තබා සිටි සිරකරුවන් බවයි වාර්තා වුණේ.

මොවුන් රැගෙන යාමට නියමිත පාකිස්ථාන විශේෂ ගුවන් යානය අද (06) පස්වරු 05.30 පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38