AFC Banner
Empty Ad
Empty Ad

වැවක ගිලී මියගිය ධීවරයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

දිඹුලාගල, බෝගස්වැව ප්‍රදේශයේ අතුරුදන්ව සිටි ධීවරයෙකුගේ මළ සිරුරක් අද (06) දින වැවක ගිලී මියගොස් සිටීයදි සොයා ගත් බව මනම්පිටිය පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දිඹුලාගල බෝගස්වැව කාශ්‍යපපුර අංක 259 ලිපිනයේ පදිංචිව සිටි, 36 වියැති තිදරු පියෙකු වන ආර්.එම්. රොෂාන් බුද්ධික රණසිංහ යන අය බවයි පරීක්‍ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය සඳහන් කරන්නේ.

ඉකුත් 05 වැනිදා ඔහු බෝගස්වැව වැවේ ධීවර කටයුතු කිරීමට ගොස් ඇති අතර එදින නිවසට නොපැමිණිම නිසා පවු‍ලේ ඥාතීන් මේ පිළිබඳව මනම්පිටිය පොලිසිය දැනුවත් කර තිබෙනවා.

පසුව ගම්වාසීන් මෙන්ම තරුණ පිරිස විසින් ඔහු සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර අද දහවල් ඔහුගේ මළ සිරුර වැවේ තිබී සොයා ගැනීමට හැකි වූ බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන මනම්පිටිය පොලිසිය සඳහන් කරනවා.

ධීවරයාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද දින ක්‍රියාත්මක කිරීමට නියමිත බව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන එම පොලිසිය පවසනවා.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?