වැවක ගිලී මියගිය ධීවරයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

දිඹුලාගල, බෝගස්වැව ප්‍රදේශයේ අතුරුදන්ව සිටි ධීවරයෙකුගේ මළ සිරුරක් අද (06) දින වැවක ගිලී මියගොස් සිටීයදි සොයා ගත් බව මනම්පිටිය පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දිඹුලාගල බෝගස්වැව කාශ්‍යපපුර අංක 259 ලිපිනයේ පදිංචිව සිටි, 36 වියැති තිදරු පියෙකු වන ආර්.එම්. රොෂාන් බුද්ධික රණසිංහ යන අය බවයි පරීක්‍ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය සඳහන් කරන්නේ.

ඉකුත් 05 වැනිදා ඔහු බෝගස්වැව වැවේ ධීවර කටයුතු කිරීමට ගොස් ඇති අතර එදින නිවසට නොපැමිණිම නිසා පවු‍ලේ ඥාතීන් මේ පිළිබඳව මනම්පිටිය පොලිසිය දැනුවත් කර තිබෙනවා.

පසුව ගම්වාසීන් මෙන්ම තරුණ පිරිස විසින් ඔහු සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර අද දහවල් ඔහුගේ මළ සිරුර වැවේ තිබී සොයා ගැනීමට හැකි වූ බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන මනම්පිටිය පොලිසිය සඳහන් කරනවා.

ධීවරයාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද දින ක්‍රියාත්මක කිරීමට නියමිත බව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන එම පොලිසිය පවසනවා.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17