AFC Banner
Empty Ad
Empty Ad

මාදුගඟේ සංචාරයක් සඳහා පැමිණි පිරිසකට පහරදීමක් (වීඩියෝ)

කුරුණෑගල ප්‍රදේශයේ සිට දේශීය සංචාරකයන් පිරිසක් බලපිටියේ මාදුගඟේ බොට්ටු සංචාරය කරන ආයතනයක් හරහා සංචාරය පිළියෙලකර තිබෙනවා.

සංචාරය සඳහා සූදානම් වූ විට ඔවුනට ලබාදුන් ආරක්ෂිත කබාවල ගාංචු නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සංචාරකයින් විසින් ඒ පිළිබඳව අදාළ සංචාරක බෝට්ටුව පදවන්නා දැනුවත් කර තිබුණා.

එහිදී එයට උරණ වූ බෝට්ටුකරු එම පිරිසට පරුෂ වචනයෙන් බැන බෝට්ටුවෙන් බැහැරව යන ලෙස පවසා තිබෙනවා.

ඉන් පසුව එම පිරිස වෙනත් බෝට්ටුවකින් සංචාරය සිදුකර තිබුණා.

එම සංචාරකයින් යළි ගොඩබිමට පැමිණ තමන් පැමිණි බස් රථයට ගොඩවැදුණු අවස්ථාවේ පෙරකී බෝට්ටු සේවකයින් පිරිස එම ස්ථානයට පැමිණ එම සංචාරකයින්ට පහර දී තිබෙනවා.

පහරකෑමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

එම සංචාරකින් අතර සිටි ගැබිණි මව්වරුන්ටද පහර එල්ලකර ඇති බව සඳහන්.

මොවුන් ඒ පිළිබඳව අම්බලන්ගොඩ පොලිසිය දැනුවත් කර ඇති අතර එම සංචාරකයින් කියා සිටින්නේ; මාදුගඟේ සංචාරය සඳහා පැමිණෙන පිරිස් නිසි ආරක්ෂාවක් සහිතව සංචාරය කිරීමට වාතාවරණයක් නිර්මාණය කරවන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
1
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?