AFC Banner
Empty Ad
Empty Ad

ටෙනිස් තරුවක් සහ විලාසිතා නිරූපිකාවක්වන Lea Pericoli මියයයි

ටෙනිස් තරුව සහ විලාසිතා නිරූපකාවක් වන ලී පෙරිකොලී (Lea Pericoli) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඇය වයස අවුරුදු 89 දී පසුවුණා.

1950 සහ 60 දශකයේදී ඇය බොහෝ සෙයින් ජනප්‍රිය වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තම රටේ ප්‍රමුඛතම ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන ඇය ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් 16 දෙනා අතරට දෙවරක් ද විම්බල්ඩන් ශූරතාවලියේ තුන් වතාවක් ද ජයග්‍රහණය කර තිබුණා.

ඇගේ මලල ක්‍රීඩා ජයග්‍රහණවලට ඉහළින්, පිහාටු සහ ලොම් වලින් සැරසුණු පෙරිකෝලිගේ තරඟ ඇඳුම් ඇය විලාසිතා නිරූපකයක් බවට ඉන්පසුව පත් කෙරුණා.

1935 මාර්තු 22 වැනි දින මිලානෝ හි උපත ලද ඇය පසුව ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් බවට පත් වී තිබෙනවා.

ඉතාලි ටෙනිස් සහ පැඩෙල් සම්මේලනයේ සභාපති ඇන්ජලෝ බිනාගි ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ; “ඇය අප සැමට තරමක් මවක් හා සමාන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?