AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියාව ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකාරිණියන් අසරණ වෙයි

කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 93ක් රැස් කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු අතරට පැමිණීමට ආරම්භයේ සිටම අවස්ථාව ලබානොදීමට ඕස්ට්‍රේලියානු පන්දුයවන්නියන් කටයුතු කළේ දැඩි පීඩනයක් එල්ල කරමින්.

ලකුණු රැස් කිරීමේ දී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් රැස් කළ අතර, නිලක්ෂිකා සිල්වා ලකුණු 29ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා.

පන්දු යැවීමේ දී සොෆී මොලේන්ක්ස් කඩුලු 02ක් බිඳ දැමුවේ ලකුණු 20ක් ලබාදෙමින්.

ඊට අමතරව මේගන් ෂට් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් ලකුණු කට බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 94ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?