AFC Banner
Empty Ad
Empty Ad

මලාවි රාජ්‍යය නියඟයෙන් පීඩාවට පත්වෙයි

මලාවි රාජ්‍යයේ නියඟයෙන් පීඩා විදින මිලියන 5කට අධික පිරිසකට සහන සැපයීම එරට රජය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාලගුණ විපර්යාස හා එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් මලාවි රාජ්‍යයේ මිලියන 5කට අධික පිරිසකට නියඟයෙන් දැඩි පීඩාවන් එල්ලවී ඇති බවයි බාරෝන්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

එමෙන්ම මලාවි රාජ්‍යය දකුණු දිග අප්‍රිකාවේ නියඟයෙන් වැඩිම පීඩාවට ලක් වූ රට ලෙස සඳහන්.

ශතවර්ෂයකින් පමණ දකුණු අප්‍රිකාවට බලපෑ දරුණුතම නියඟය මෙය වන බවයි එම මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් එරට කෘෂි වගාවන් විශාල ප්‍රමාණයක් විනාශයට පත් වී තිබුණා.

මලාවි රජය හා ලෝක ආහාර වැඩසටහන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එකට එක්ව පීඩාවට පත්ව සිටින ජනතාවට ආහාර බෙදාදීමේ වැඩසටහන් ද ආරම්භ කර තිබෙනවා.

මිලියන විස්සක පමණ ජනතාවක් වාසය කරන මලාවි රාජ්‍යයේ මිලියන 5.7කට මෙම වැඩසටහන යටතේ ආහාර බෙදා දෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?