මලාවි රාජ්‍යය නියඟයෙන් පීඩාවට පත්වෙයි

මලාවි රාජ්‍යයේ නියඟයෙන් පීඩා විදින මිලියන 5කට අධික පිරිසකට සහන සැපයීම එරට රජය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාලගුණ විපර්යාස හා එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් මලාවි රාජ්‍යයේ මිලියන 5කට අධික පිරිසකට නියඟයෙන් දැඩි පීඩාවන් එල්ලවී ඇති බවයි බාරෝන්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

එමෙන්ම මලාවි රාජ්‍යය දකුණු දිග අප්‍රිකාවේ නියඟයෙන් වැඩිම පීඩාවට ලක් වූ රට ලෙස සඳහන්.

ශතවර්ෂයකින් පමණ දකුණු අප්‍රිකාවට බලපෑ දරුණුතම නියඟය මෙය වන බවයි එම මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් එරට කෘෂි වගාවන් විශාල ප්‍රමාණයක් විනාශයට පත් වී තිබුණා.

මලාවි රජය හා ලෝක ආහාර වැඩසටහන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එකට එක්ව පීඩාවට පත්ව සිටින ජනතාවට ආහාර බෙදාදීමේ වැඩසටහන් ද ආරම්භ කර තිබෙනවා.

මිලියන විස්සක පමණ ජනතාවක් වාසය කරන මලාවි රාජ්‍යයේ මිලියන 5.7කට මෙම වැඩසටහන යටතේ ආහාර බෙදා දෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03