AFC Banner
Empty Ad
Empty Ad

තල් සභාපතිගේ ප්‍රංශ සංචාරය විධිමත් ලෙස සිදුවෙලා – විමර්ශනයක දී හෙළිවෙයි

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ එම මණ්ඩලයේ මුදල්වලින් සිදුකළ ප්‍රංශ සංචාරය විධිමත් ආකාරයෙන් සිදුව ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ, සභාපතිවරයාගේ එම ප්‍රංශ සංචාරය පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනයක දීයි.

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ විසින් 2021 වසරේ දී මණ්ඩලයේ රුපියල් ලක්ෂ දහනවය හමාරක මුදලක් වැයකරමින් සිදුකළ ප්‍රංශ සංචාරයේ දී මෙරට තල් සංවර්ධනයට කිසිඳු අභිවෘද්ධියක් සිදුව නොමැති බවට දන්වමින් එම මුදල යළි අයකරගත යුතු බවට නිර්දේශ කර තිබුණා.

ඒ, පොල්, කිතුල්, තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශය විසින් සිදුකළ විගණනයක දියි.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යංශය සිදුකළ එම විගණන වාර්තාව පිළිබඳව යළි විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස වැවිලි අමාත්‍යංශයට; පරිසර, වනජීවී, වනසම්පත් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයා නියෝග කර තිබෙනවා.

අමාත්‍යංශ ලේකම්වරයාගේ එම නියෝගය අනුව සිදුකළ විමර්ශනයේදීයි තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාගේ ප්‍රංශ සංචාරය විධිමත් ආකාරයෙන් සිදුව ඇති බවටයි පසුව අනාවරණය වී ඇත්තේ.

වැවිලි රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි වූවාට පසුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා විසින් මෙම විමර්ශනය සිදුකර ඇති බව සදහන්.

එහිදී සභාපතිවරයා නිවැරදි ආකාරයට නිවාඩු ලබාගෙන විධිමත් ලෙස මෙම ප්‍රංශ සංචාරයයේ නිරතව ඇති බවයි හෙළි වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොර සහනාධාරය ලැබෙයි ද? නොලැබෙයි ද? / පැෆරල් සංවිධානයෙන් කළ විශේෂ ප්‍රකාශය මෙන්න
03:31
Video thumbnail
ජානක වක්කුඹුරට යකා නගී - ආණ්ඩුවට කුණු බැනුම් - "මම ගාව තිබ්බ වෙපන් එකත් මම බාරදුන්නා"
02:36
Video thumbnail
ජනපතිට බැන්න අය පිල් මාරුවකටද මේ සූදානම - "රටේ ජනතාවට හොඳක් වෙනවානම් අපි උදව් කරන්න කැමති"
03:42
Video thumbnail
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක්
00:41
Video thumbnail
නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි #breakingnews #election
01:45
Video thumbnail
🛑Breaking News - ඊශ්‍රායලයේ මීළඟ සැලසුම ගැන අනාවරනයක්...
01:40
Video thumbnail
ගහුපු කතිරය ගැන දුක්වෙන්න වෙයිද? අනුර උගන්ඩාවේ තියෙන - සල්ලි ගැන පුළුවන්නම් හොයන්න #akd
02:20
Video thumbnail
වාහන සංදර්ශනයේ සැබෑ නිරුවත එළිවෙලා ඉවරයි - පොහොට්ටු ප්‍රබලයෙක් හොඳට දෙසයි
02:18
Video thumbnail
එපා එපා කිව්ව අය ලන් කරගෙන නටන නාඩගම එළියට... #akd #npp #anurakumaradissanayake
07:04
Video thumbnail
මහ මැතිවරණයේ පොහොට්ටුවේ සැලසුම කලින්ම එළියට - කාට කාටත් ඇඩ්‍රස් නැතිවෙයි#namalrajapaksha
02:09

?