තල් සභාපතිගේ ප්‍රංශ සංචාරය විධිමත් ලෙස සිදුවෙලා – විමර්ශනයක දී හෙළිවෙයි

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ එම මණ්ඩලයේ මුදල්වලින් සිදුකළ ප්‍රංශ සංචාරය විධිමත් ආකාරයෙන් සිදුව ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ, සභාපතිවරයාගේ එම ප්‍රංශ සංචාරය පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනයක දීයි.

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ විසින් 2021 වසරේ දී මණ්ඩලයේ රුපියල් ලක්ෂ දහනවය හමාරක මුදලක් වැයකරමින් සිදුකළ ප්‍රංශ සංචාරයේ දී මෙරට තල් සංවර්ධනයට කිසිඳු අභිවෘද්ධියක් සිදුව නොමැති බවට දන්වමින් එම මුදල යළි අයකරගත යුතු බවට නිර්දේශ කර තිබුණා.

ඒ, පොල්, කිතුල්, තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශය විසින් සිදුකළ විගණනයක දියි.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යංශය සිදුකළ එම විගණන වාර්තාව පිළිබඳව යළි විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස වැවිලි අමාත්‍යංශයට; පරිසර, වනජීවී, වනසම්පත් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයා නියෝග කර තිබෙනවා.

අමාත්‍යංශ ලේකම්වරයාගේ එම නියෝගය අනුව සිදුකළ විමර්ශනයේදීයි තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාගේ ප්‍රංශ සංචාරය විධිමත් ආකාරයෙන් සිදුව ඇති බවටයි පසුව අනාවරණය වී ඇත්තේ.

වැවිලි රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි වූවාට පසුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා විසින් මෙම විමර්ශනය සිදුකර ඇති බව සදහන්.

එහිදී සභාපතිවරයා නිවැරදි ආකාරයට නිවාඩු ලබාගෙන විධිමත් ලෙස මෙම ප්‍රංශ සංචාරයයේ නිරතව ඇති බවයි හෙළි වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50