ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝම්බර් 26 වැනිදා පැවැත්වෙන අතර එම මැතිවරණයට අදාළ රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.
ඔක්තෝබර් 07 වැනි දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු ලියාපදිංචි කිරීමට භාරදෙනු ලබනවා.
ඔක්තෝබර් 14 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දිනය ලෙස නම් කරන් ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පතිවරයා ප්‍රකාශ කරන්නේ.
එහිදී සළකුණු කළ ඡන්ද පතිකා අඩංගු එම කවර නැවත ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් තේරීම් භාර නිලධාරියා වෙත යැවීමට නියමිතයි.
එමෙන්ම අදාළ තැපැල් කාර්‍යාලවලට ඒ පිළිබඳව උපදෙස් ලබාදී ඇති අතර නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ද ඊට සමාන්තරව සිදුවන බව ඔහු පෙන්වා දෙනවා.
මහමැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 14 වැනිදා වන බැවින් ඊට පෙරාතුව තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.
මහ මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඔක්තෝබර් මාස 26 වැනිදා ලැබීමට නියමිත අතර ඔක්තෝබර් 27 වැනිදා විශේෂ දිනයක් ලෙස යොදාගෙන නිවාස වලට බෙදී සිදුකරනවා.
නිල චන්ද පත්‍රිකා බෙදාහරින අවසන් දිනය නොවැම්බර් 07 වැනිදාය යොදා ඇති බවයි හෙතෙම තව දුරටත් පෙන්වා දෙන්නේ.