AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය පකිස්තානයට

අදින් ආරම්භ වූ පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ප්‍රතිවාදී පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පාකිස්තාන නායිකා ෆාතිමා සනා තීරණය කළේ පළමුව පිතිකරණයේ වාසිය ලබා ගැනීමටයි.

අද (03) තරගය පැවැත්වෙන්නේ මෙවර ලෝක කුසලාන සත්කාරකත්වය දරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගණයේ දීයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දරනු ලබනවා.

පාකිස්තානය සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවස්ථා 20කදී එකිනෙකා සම්මුඛ වී ඇති අතර එහි තරග 10ක් පාකිස්තානය ජය ගනිද්දී ශ්‍රී ලංකාව තරග 09ක් ජයගෙන තිබෙනවා.

එක් තරගයක් ජය පරාජයෙන් තොරව අතහැර දැමීමටයි කටයුතු කර ඇත්තේ.

එබැවින් දෙපිළ අතර පැවැත්වෙන 21 වැනි තරගය වන මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වනුයේ පැවති තරගවල පාකිස්තානයට එරෙහිව ලැබූ ජයග්‍රහණ ප්‍රමාණය සම මට්ටම ගෙන ඒමට මෙන්ම මෙම තරගාවලියේ ඉදිරියට යාම සඳහායි.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ගමන්මගේ A කාණ්ඩය යටතේ තරග වදිනවා.

තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?