පාකිස්තාන කතුන්ට කාසියේ වාසිය

අදින් ආරම්භ වූ පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ප්‍රතිවාදී පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පාකිස්තාන නායිකා ෆාතිමා සනා තීරණය කළේ පළමුව පිතිකරණයේ වාසිය ලබා ගැනීමටයි.

අද (03) තරගය පැවැත්වෙන්නේ මෙවර ලෝක කුසලාන සත්කාරකත්වය දරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගණයේ දීයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දරනු ලබනවා.

පාකිස්තානය සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවස්ථා 20කදී එකිනෙකා සම්මුඛ වී ඇති අතර එහි තරග 10ක් පාකිස්තානය ජය ගනිද්දී ශ්‍රී ලංකාව තරග 09ක් ජයගෙන තිබෙනවා.

එක් තරගයක් ජය පරාජයෙන් තොරව අතහැර දැමීමටයි කටයුතු කර ඇත්තේ.

එබැවින් දෙපිළ අතර පැවැත්වෙන 21 වැනි තරගය වන මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වනුයේ පැවති තරගවල පාකිස්තානයට එරෙහිව ලැබූ ජයග්‍රහණ ප්‍රමාණය සම මට්ටම ගෙන ඒමට මෙන්ම මෙම තරගාවලියේ ඉදිරියට යාම සඳහායි.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ගමන්මගේ A කාණ්ඩය යටතේ තරග වදිනවා.

තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41