මූල්‍ය වංචාවකට බේරුවල ධීවර වරායේ කළමනාකාරවරයා ඇතුළු කිහිප දෙනෙකුගේ වැඩ තහනම්

පසුගිය රජය පැවැති කාලවකවානුවේ බේරුවෙල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාවට සම්බන්ධ වරාය කළමනාකාරවරයා ඇතුළු සේවකයන් හත්දෙනකු පිළිබඳ ධීවර වරාය නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී වරාය කළමනාකාරවරයා ඇතුළු සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි ධීවර වරාය නීතිගත සංස්ථාවේ මානව සම්පත් කළමනාකාර සිසිල ගුණතිලක මහතා අද (03) පවසා තිබෙන්නේ.

බේරුවල ධීවර වරායේ හිටපු කළමනාකරු, මුදල් අයකැමිවරයෙකු, ඉන්ධනහල් භාරකරුවෙකු, ඉන්ධන පොම්ප ක්‍රියා කරවන්නන් දෙදෙනෙකු, කාර්‍යාල කාර්‍ය සහායක ඇතුළු බේරුවල වරායේ සේවය කළ 07ක් එම සිද්ධියට සම්බන්ධ වී ඇති බවයි බේරුවල ධිවර වරායේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ.

කළමනාකරු, මුදල් අයකැමි, ඉන්ධන පිරවුම්හල් භාර ඉන්ධනහල් පොම්පකරුවන් දෙදෙනෙක් සහ කාර්යාල කාර්ය සහායකයෙකුගේ ස්ථාන මාරුවීම් සිදුකොට තිබෙනවා.

එහිදී ප්‍රධාන සැකකරුවන් තිදෙනාගේ වැඩ තහනම් කර ඇති බවට එහි ප්‍රකාශකයෙකු පවසා තිබුණා.

මෙම මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ සැකකාර පුද්ගලයින් හත්දෙනා එම වරාය සතුව තිබු රුපියල් කෝටියකට අධික මුදලක් මේ වන විට වංචනිකව ලෙස ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නව රජය පත් වීමත් සමග එම ධිවර වරාය වෙත පැමිණි විගණන කණ්ඩායමක් සිදුකළ විගණනයේදී එම මූල්‍ය වංචාව පිළිබඳව වැඩිදුරටත් විගණනය වී තිබෙන බව බේරුවල ධීවර වරායේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

එම සිද්ධියත් සමඟ සැකකාර ප්‍රධාන පුද්ගලයින් තිදෙනාගේ වැඩ තහනම් කර සෙසු සිව් දෙනා වෙනත් ධීවර වරායන් වෙත මරු කළ බව මානව සම්පත් කළමනාකාරවරයා ද පවසා තිබුණා.

ආයතන මට්ටමෙන් කටයුතු කර නීතිමය පියවරක් ගැනීමට කටයුතු කර ඇති බව එම නිලධාරියා තවදුරටත් පවසා තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?