මූල්‍ය වංචාවකට බේරුවල ධීවර වරායේ කළමනාකාරවරයා ඇතුළු කිහිප දෙනෙකුගේ වැඩ තහනම්

පසුගිය රජය පැවැති කාලවකවානුවේ බේරුවෙල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාවට සම්බන්ධ වරාය කළමනාකාරවරයා ඇතුළු සේවකයන් හත්දෙනකු පිළිබඳ ධීවර වරාය නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී වරාය කළමනාකාරවරයා ඇතුළු සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි ධීවර වරාය නීතිගත සංස්ථාවේ මානව සම්පත් කළමනාකාර සිසිල ගුණතිලක මහතා අද (03) පවසා තිබෙන්නේ.

බේරුවල ධීවර වරායේ හිටපු කළමනාකරු, මුදල් අයකැමිවරයෙකු, ඉන්ධනහල් භාරකරුවෙකු, ඉන්ධන පොම්ප ක්‍රියා කරවන්නන් දෙදෙනෙකු, කාර්‍යාල කාර්‍ය සහායක ඇතුළු බේරුවල වරායේ සේවය කළ 07ක් එම සිද්ධියට සම්බන්ධ වී ඇති බවයි බේරුවල ධිවර වරායේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ.

කළමනාකරු, මුදල් අයකැමි, ඉන්ධන පිරවුම්හල් භාර ඉන්ධනහල් පොම්පකරුවන් දෙදෙනෙක් සහ කාර්යාල කාර්ය සහායකයෙකුගේ ස්ථාන මාරුවීම් සිදුකොට තිබෙනවා.

එහිදී ප්‍රධාන සැකකරුවන් තිදෙනාගේ වැඩ තහනම් කර ඇති බවට එහි ප්‍රකාශකයෙකු පවසා තිබුණා.

මෙම මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ සැකකාර පුද්ගලයින් හත්දෙනා එම වරාය සතුව තිබු රුපියල් කෝටියකට අධික මුදලක් මේ වන විට වංචනිකව ලෙස ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නව රජය පත් වීමත් සමග එම ධිවර වරාය වෙත පැමිණි විගණන කණ්ඩායමක් සිදුකළ විගණනයේදී එම මූල්‍ය වංචාව පිළිබඳව වැඩිදුරටත් විගණනය වී තිබෙන බව බේරුවල ධීවර වරායේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

එම සිද්ධියත් සමඟ සැකකාර ප්‍රධාන පුද්ගලයින් තිදෙනාගේ වැඩ තහනම් කර සෙසු සිව් දෙනා වෙනත් ධීවර වරායන් වෙත මරු කළ බව මානව සම්පත් කළමනාකාරවරයා ද පවසා තිබුණා.

ආයතන මට්ටමෙන් කටයුතු කර නීතිමය පියවරක් ගැනීමට කටයුතු කර ඇති බව එම නිලධාරියා තවදුරටත් පවසා තිබෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42