AFC Banner
Empty Ad
Empty Ad

මෙරට තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් සඳහා ජපන් භාෂාව හැදෑරීමට සහ එරට රැකියා අවස්ථා ලබාදීම සඳහා සහාය දක්වන බව ජපන් රජය ස්ථිර කර තිබෙනවා.

අද (02) ජනාධිපති කාර්‍යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මෙරට ජපන් තානාපති මිසුකොෂි හිදෙයාකි මහතා අතර පැවැත්වුණු හමුවකදියි මේ බව හෙළි වූයේ.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිළ්ඊගැන්වූ ජපාන තානාපතිවරයා, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට ජපානය කැපවී සිටින බවයි පැවසුවේ.

දෙරටම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

ඉදිරියේ දී ද දෙරට මිත්‍ර රාජ්‍යයන් ලෙස ඉතා සමීපව කටයුතු කිරීමටයි මෙහිදී එකඟතාව පළ කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?