වහින වෙලාවට රෑ එළිවෙනකල්ම සොහොන ළඟ

පාස්කු ප්‍රහාරයෙන් අදටත් වේදනා විදින ජීවිත කොයිතරම්නම් තියෙනවද..? මැරි මැරී ජීවත් වෙන ඒ මිනිස්සුන්ගේ සමහර කතා ඇහුවම අපිටත් දරාගන්න හරි අමාරුයි. ඒ විදිහට සංවේදී කතාවක් ගැන  සුනිල් ද සිල්වා පියතුමා විසින් සිය මුහුණුපොතට දමා තිබුණා.

එහි සඳහන් වෙලා තිබුණේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය දුව අකුණු ගහනවට බය නිසා වැස්ස වෙලාවට දුවගේ මිනීවල ළඟට වෙලා රූ එළිවෙනකන්ම ඉන්න තාත්තා කෙනෙකු ගැනයි..

එම සටහන පහතින්…

වසර දෙකක් තිස්සේ තවමත් සුසාන භුමියේ නිදාගන්න තාත්තා..!

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන්, තම බිරිඳ සහ දරු තිදෙනා අහිමි වූ පියෙක්..

පාස්කු ප්‍රහාරයට දෙවසරක් පිරීම හේතුවෙන් නැසීගිය තම ආදරණීයයන් සිහි කරමින් සිය නිවස තුළ දිව්‍යයාගයකට සහභාගී වෙමින්.

මේ ප්‍රියන්ත මහතා නේද ? පාස්කු ප්‍රහාරය නිසා බිරිඳ දරුවෝ 3ත් අහිමි වුණා විතරක් නෙමේ , ජීවත් වූ නිවාස පවා නැති වුණා.. එයාගේ මියගිය දුව අකුණු ගහනවට බය නිසා, වහින වෙලාවට දරුවන් ගේ මිනීවල ළඟට වෙලා ඉන්නවා රෑ එලිවෙනකම්……… කටුවාපිටිය හැම නිවාසකම මේ වගේ දුක්බර කතාවක් තියෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?