ලෝක ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ස්ථාන 03ක් ඉදිරියට ඒමට සමත් ව තිබෙනවා.
ඒ අනුව කමිඳුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව තබා ඇත්තේ 16 වැනි ස්ථානයේයි.
ඒ පසුගියදා වසර 15කට පසුව සිය මව්බිමේ දී නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයේ දී කමිඳු මෙන්ඩිස් පිතිකරුවෙකු ලෙස දැක්වූ දක්ෂතාවත් සමගින්.
ඔහුට එම තරගාවලිය අවසන් වන විට එක් වී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692ක්.
කමිඳු මෙන්ඩිස් මෙතෙක් ටෙස්ට් තරග 08ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු අඛණ්ඩව එම සෑම තරගයක දී ම අර්ධ ශතක රැස් කරගැනීමට හෝ සමත් ව තිබෙනවා.
එසේ අඛණ්ඩව සෑම ටෙස්ට් තරගයක දී ම අර්ධ ශතක රැස් කළ පළමු ක්‍රීඩකයා වන්නේ ද කමිඳුයි.
මීට අමතරව ලොව දෙවන වේගවත්ම ටෙස්ට් ලකුණු 1000ට ද හිමිකම් කියන්නේ මෙම අසහාය නවක ක්‍රීඩකයායි.
බ්‍රැඩ්මන්ට පසුව 1950 වසරේ සිට මේ දක්වා වාර්තා වූ ප්‍රවේගකාරීම ටෙස්ට් ශතකය, ආසියාවේ වේගවත් ටෙස්ට් ශතක 05, ආසියාවේ වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 යන වාර්තා සියල්ලට ම කමිඳු මෙන්ඩිස් හිමිකම් කීමට සමත් වුණා.
මේ අතර දිමුත් කරුණාරත්න ශ්‍රේණිගත කිරීම් හි එක් ස්ථානයක් පසුබැස ඇති අතර ඔහුට හිමිව ඇත්තේ 17 වැනි ස්ථානයයි.














This is wrong news this rating 23rd September may be he is now 8th ranking
අර වසලයා මහ කැත වැඩක් කලෙ. ඔකට හෙන ගහනවා ලඟදීම.