AFC Banner
Empty Ad
Empty Ad

විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඊයේ (30) දින කැකිරාව බළලුවැව ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී එම ප්‍රදේශයේ වෙළඳසැලක අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ විදේශීය දුම්වැටි 2200ක තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ මෙම මෙහෙයුම උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය වෙත ලද තොරතුරකට අනුව, දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව කැකිරාව බළලුවැව ප්‍රදේශයේ දී සිදු කරන ලද බවයි.

මෙම මෙ‍හෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන බළලුවැව – පලාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට ද හෙළිව තිබෙනවා.

එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ගල්කිරියාගම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?