විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඊයේ (30) දින කැකිරාව බළලුවැව ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී එම ප්‍රදේශයේ වෙළඳසැලක අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ විදේශීය දුම්වැටි 2200ක තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ මෙම මෙහෙයුම උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය වෙත ලද තොරතුරකට අනුව, දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව කැකිරාව බළලුවැව ප්‍රදේශයේ දී සිදු කරන ලද බවයි.

මෙම මෙ‍හෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන බළලුවැව – පලාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට ද හෙළිව තිබෙනවා.

එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ගල්කිරියාගම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32