නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විමර්ශන කොට්ඨාසයේ හිටපු කොස්තාපල්වරයකු මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවට හෙළිවෙයි

සේවයෙහි යෙදී සිටින අතරතුර නීතිවිරෝධී ආකාරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකොට මුදල් ඉපයූ බව කියන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විමර්ශන කොට්ඨාසයේ හිටපු කොස්තාපල්වරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නීතිවිරෝධී වත්කම් සෙවීමේ විමර්ශන කොට්ඨාසයට අද (01) නියෝග කළා.

සැකකාර හිටපු කොස්තාපල්වරයා එම විමර්ශන කොට්ඨාසයේ සේවයේ යෙදී සිටින අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් සමග සබඳතා පවත්වමින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව මුදල් ඉපයූ බවට එම කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කරන බව ද එම විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වූවා.

මෙම කොස්තාපල්වරයා මේ වනවිට සේවයෙන් ඉවත්ව සිටින බව ද නීති විරෝධී වත්කම් සෙවීමේ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි ව තිබෙනවා.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන එම විමර්ශන කොට්ඨාසයට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වමින් මොහු මෙම ජාවාරම සිදුකර මුදල් උපයා ඇති බවට තොරතුරු එම ලිපියේ සඳහන්ව ඇති බැවින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කරන බව ද අදාළ විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වූ බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?