නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විමර්ශන කොට්ඨාසයේ හිටපු කොස්තාපල්වරයකු මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවට හෙළිවෙයි

සේවයෙහි යෙදී සිටින අතරතුර නීතිවිරෝධී ආකාරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකොට මුදල් ඉපයූ බව කියන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විමර්ශන කොට්ඨාසයේ හිටපු කොස්තාපල්වරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නීතිවිරෝධී වත්කම් සෙවීමේ විමර්ශන කොට්ඨාසයට අද (01) නියෝග කළා.

සැකකාර හිටපු කොස්තාපල්වරයා එම විමර්ශන කොට්ඨාසයේ සේවයේ යෙදී සිටින අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් සමග සබඳතා පවත්වමින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව මුදල් ඉපයූ බවට එම කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කරන බව ද එම විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වූවා.

මෙම කොස්තාපල්වරයා මේ වනවිට සේවයෙන් ඉවත්ව සිටින බව ද නීති විරෝධී වත්කම් සෙවීමේ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි ව තිබෙනවා.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන එම විමර්ශන කොට්ඨාසයට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වමින් මොහු මෙම ජාවාරම සිදුකර මුදල් උපයා ඇති බවට තොරතුරු එම ලිපියේ සඳහන්ව ඇති බැවින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කරන බව ද අදාළ විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වූ බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39