ඉන්දු – බංගලි තීරණාත්මක ටෙස්ට් තරගයේ අවසන් දිනය හෙටයි

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (30) නිමාවන විට සිය දෙවැනි ඉනිම පිතිකරණයේ යෙදෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 26ක් ලබා සිටිනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමු ව පන්දුවට පහරදීම සඳහා සිය සත්කාරකයින්ට ඇරයුම් කළ අතර බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 233ක් ලබා ගත්තා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Mominul Haque නොදැවී ලකුණු 107ක් රැස් කළා.

බංග්ලාදේශයේ කඩුලු බිඳ දැමීමේ දී ඉන්දීය පන්දු බලඇණියේ ජස්ප්‍රිට් බුම්‍රා කඩුලු 03ක් ද, රවිචන්ද්‍රන් අශ්වින්, මොහොමඩ් සිරාජ්, ආකාශ් ඩීප් කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

එක් කඩුල්ලක් හිමි වූයේ ජඩේජාටයි.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹි ඉන්දීය කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 285ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කළා.

ඒ බංග්ලාදේශයට වඩා ලකුණු 52ක් පමණක් ඉදිරියෙන් සිටිමින්.

හෙට (01) තරගයේ අවසන් දිනය වන අතර හෙට තරගය ජය ගැනීම ඉන්දීය කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ සිය ස්ථානය රැකගැනීම වෙනුවෙන් තීරණාත්මක වනු ඇති.

තෙවැනි කඩුල්ලට බංග්ලාදේශය වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ; Shadman Islam
සමගින් Mominul Haque ‍යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15