Indian Premier League

ඉන්දු – බංගලි තීරණාත්මක ටෙස්ට් තරගයේ අවසන් දිනය හෙටයි

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (30) නිමාවන විට සිය දෙවැනි ඉනිම පිතිකරණයේ යෙදෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 26ක් ලබා සිටිනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමු ව පන්දුවට පහරදීම සඳහා සිය සත්කාරකයින්ට ඇරයුම් කළ අතර බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 233ක් ලබා ගත්තා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Mominul Haque නොදැවී ලකුණු 107ක් රැස් කළා.

බංග්ලාදේශයේ කඩුලු බිඳ දැමීමේ දී ඉන්දීය පන්දු බලඇණියේ ජස්ප්‍රිට් බුම්‍රා කඩුලු 03ක් ද, රවිචන්ද්‍රන් අශ්වින්, මොහොමඩ් සිරාජ්, ආකාශ් ඩීප් කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

එක් කඩුල්ලක් හිමි වූයේ ජඩේජාටයි.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹි ඉන්දීය කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 285ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කළා.

ඒ බංග්ලාදේශයට වඩා ලකුණු 52ක් පමණක් ඉදිරියෙන් සිටිමින්.

හෙට (01) තරගයේ අවසන් දිනය වන අතර හෙට තරගය ජය ගැනීම ඉන්දීය කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ සිය ස්ථානය රැකගැනීම වෙනුවෙන් තීරණාත්මක වනු ඇති.

තෙවැනි කඩුල්ලට බංග්ලාදේශය වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ; Shadman Islam
සමගින් Mominul Haque ‍යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?