AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලයට එරෙහිව ඉරානයේ විරෝධතා

ඊශ්‍රායලයට එරෙහිව ඉරානය විසින් එරට ටෙහෙරාන් අගනුවරදී විරෝධතාවක් ආරම්භව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෙබනනය ඉලක්ක කර ඊශ්‍රාලය විසින් එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් ඉරාන ජනතාව මෙම විරෝධය පළකර තිබුණා.

මෙම විරෝධතාකරුවන් හිස්බුල්ලා සංවිධානයේ මෙන්ම හමාස් සංවිධානයේ නායකයින්ගේ සහ ඉරාන නායකයින්ගේ රුව රැගත් පෝස්ටර් අතැතිව විරෝධතාවයේ නිරතවී තිබෙනවා.

මෙම විරෝධතාවයේ නිරත වූවන්ගෙන් වැඩි පිරිසක් සිසුන් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ටෙහෙරාන් අගනුවර පැවති විරෝධතාවට සමගාමීව නගර රැසකදීම විරෝධතා පැවති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?