AFC Banner
Empty Ad
Empty Ad

2025 IPL වෙන්දේසියට පෙර වෙනස්කම් කිහිපයක් – සල්ලි මල්ලත් ඉහළ දමයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2025 අයි.පී.එල් තරග වාරයේ නීති රීති ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලබන වසරේ තරගාවලියට කලින් පැවැත්වෙන වෙන්දේසියට පෙර වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ෆ්‍රැන්චයිස් පසුම්බියේ මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර, මෙතෙක් පැවති ඉන්දීය රුපියල් කෝටි 100ක ප්‍රමාණය තවත් කෝටි 20කින් ඉහළ දමා තිබෙනවා.

එම තීරණයත් සමඟ එක් කණ්ඩායමකට වෙන්දේසියේ දී ක්‍රීඩකයින් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 120ක ප්‍රමාණයක් වියදම් කිරීමේ හැකියාව පවතිනවා.

ඊට අමතරව ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම තුළ ක්‍රීඩකයින් 06 දෙනෙකු රඳවා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

එලෙස රඳවා ගන්නා ක්‍රීඩකයින් හයදෙනා අතර Uncapped player කෙනෙකු රඳවා ගැනීමේ නීතිය යළි ගෙනඒමටයි මෙවර කටයුතු කර ඇත්තේ.

පසුගිය වසර කිහිපය තුළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල කොන්ත්‍රාත්තුවක් ලබා නොගත් ජාත්‍යන්තර ක්‍රීඩකයින් Uncapped ක්‍රීඩක කාණ්ඩය යටතේ රඳවා ගත හැකියි.

ඒ, අනුව ක්‍රීඩකයින් හයදෙනෙකු රඳවා ගැනීමට යම් කණ්ඩායමක් තීරණය කරන්නේ නම්, ඔවුන්ට cap player ක්‍රීඩකයින් සඳහා රුපියල් කෝටි 75ක් සහ Uncapped player ක්‍රීඩකයා සඳහා රුපියල් කෝටි 04ක් කෝටි 120ක සල්ලි මල්ලෙන් ගෙවීමට සිදුවනවා.

මේ අතර රයිට් ටු මැච් විකල්පය 2025 මෙගා වෙන්දේසිය සඳහා නැවත හඳුන්වා දී ඇති අතර, පෙර වාරයේ ඔවුන් නියෝජනය කළ ක්‍රීඩකයෙකු සඳහා වැඩිම ලංසුවකට ගැලපීමට කණ්ඩායමකට මෙහිදී ඉඩ සැලසෙනවා.

මෙම ක්‍රමය අවසන් වරට 2017 මෙගා වෙන්දේසිය සඳහා හඳුන්වා දුන් නමුත් 2022 වෙන්දේසියට පෙර එය ඉවත් කරනු ලැබුවා.

ඊට අමතරව 2025 තරග වරයා තුළ විදේශීය ක්‍රීඩකයින් සඳහා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?