2025 IPL වෙන්දේසියට පෙර වෙනස්කම් කිහිපයක් – සල්ලි මල්ලත් ඉහළ දමයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2025 අයි.පී.එල් තරග වාරයේ නීති රීති ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලබන වසරේ තරගාවලියට කලින් පැවැත්වෙන වෙන්දේසියට පෙර වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ෆ්‍රැන්චයිස් පසුම්බියේ මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර, මෙතෙක් පැවති ඉන්දීය රුපියල් කෝටි 100ක ප්‍රමාණය තවත් කෝටි 20කින් ඉහළ දමා තිබෙනවා.

එම තීරණයත් සමඟ එක් කණ්ඩායමකට වෙන්දේසියේ දී ක්‍රීඩකයින් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 120ක ප්‍රමාණයක් වියදම් කිරීමේ හැකියාව පවතිනවා.

ඊට අමතරව ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම තුළ ක්‍රීඩකයින් 06 දෙනෙකු රඳවා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

එලෙස රඳවා ගන්නා ක්‍රීඩකයින් හයදෙනා අතර Uncapped player කෙනෙකු රඳවා ගැනීමේ නීතිය යළි ගෙනඒමටයි මෙවර කටයුතු කර ඇත්තේ.

පසුගිය වසර කිහිපය තුළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල කොන්ත්‍රාත්තුවක් ලබා නොගත් ජාත්‍යන්තර ක්‍රීඩකයින් Uncapped ක්‍රීඩක කාණ්ඩය යටතේ රඳවා ගත හැකියි.

ඒ, අනුව ක්‍රීඩකයින් හයදෙනෙකු රඳවා ගැනීමට යම් කණ්ඩායමක් තීරණය කරන්නේ නම්, ඔවුන්ට cap player ක්‍රීඩකයින් සඳහා රුපියල් කෝටි 75ක් සහ Uncapped player ක්‍රීඩකයා සඳහා රුපියල් කෝටි 04ක් කෝටි 120ක සල්ලි මල්ලෙන් ගෙවීමට සිදුවනවා.

මේ අතර රයිට් ටු මැච් විකල්පය 2025 මෙගා වෙන්දේසිය සඳහා නැවත හඳුන්වා දී ඇති අතර, පෙර වාරයේ ඔවුන් නියෝජනය කළ ක්‍රීඩකයෙකු සඳහා වැඩිම ලංසුවකට ගැලපීමට කණ්ඩායමකට මෙහිදී ඉඩ සැලසෙනවා.

මෙම ක්‍රමය අවසන් වරට 2017 මෙගා වෙන්දේසිය සඳහා හඳුන්වා දුන් නමුත් 2022 වෙන්දේසියට පෙර එය ඉවත් කරනු ලැබුවා.

ඊට අමතරව 2025 තරග වාරය තුළ විදේශීය ක්‍රීඩකයින් සඳහා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10