කසිප්පු බෝතල් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ කසිප්පු බෝතල් 15ක් සමගින් පුද්ගලයින් දෙදෙනෙකු අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා

ත්‍රී රෝද රථයකින් මෙම කසිප්පු බෝතල් තොගය රැගෙන යමින් සිටියදී බදුල්ල, මගියංගනය ප්‍රධාන මාර්ගයේ කන්දකැටිය 21 කණුව පොලිස් මාර්ග භාදකය අසළදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගැණුනා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය, කරමැටිය පරණ මහියංගන මාර්ගයේ පදිංචි අවුරුදු 21 හා 53 ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙක්.

කන්ද කැටිය පොලිසිය වෙත ලද තොරතුරක් මත 21 කණුව පොලිස් මාර්ග බාධකය අසළ සිදුකළ වැටලීමකදී සැකකරුවන් සහ ඔවුන් රැගෙන යමින් සිටි කසිප්පු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර සැකකරුවන් සහ කසිප්පු තොගය මෙන්ම අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථය බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් දිසානායකගේ උපදෙස් හා මග පෙන්වීම මත කන්දකැටිය පොලිසියේ නිලධාරීන් වැටලීම සිදුකර සැකකරුවන් හා කසිප්පූ තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?