කසිප්පු බෝතල් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ කසිප්පු බෝතල් 15ක් සමගින් පුද්ගලයින් දෙදෙනෙකු අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා

ත්‍රී රෝද රථයකින් මෙම කසිප්පු බෝතල් තොගය රැගෙන යමින් සිටියදී බදුල්ල, මගියංගනය ප්‍රධාන මාර්ගයේ කන්දකැටිය 21 කණුව පොලිස් මාර්ග භාදකය අසළදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගැණුනා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය, කරමැටිය පරණ මහියංගන මාර්ගයේ පදිංචි අවුරුදු 21 හා 53 ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙක්.

කන්ද කැටිය පොලිසිය වෙත ලද තොරතුරක් මත 21 කණුව පොලිස් මාර්ග බාධකය අසළ සිදුකළ වැටලීමකදී සැකකරුවන් සහ ඔවුන් රැගෙන යමින් සිටි කසිප්පු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර සැකකරුවන් සහ කසිප්පු තොගය මෙන්ම අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථය බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් දිසානායකගේ උපදෙස් හා මග පෙන්වීම මත කන්දකැටිය පොලිසියේ නිලධාරීන් වැටලීම සිදුකර සැකකරුවන් හා කසිප්පූ තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01