AFC Banner
Empty Ad
Empty Ad

වැඩබලන පොලිස්පති ශ්‍රී දළඳා මාළිගාවට – පොලීසියේ මෙහෙයුම් නොනවත්වා ඉදිරියට (වීඩියෝ)

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ (28) ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ ආශිර්වාද ලබාගත්තා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ පොලීසියට අණ පනත්වලින් ලැබී ඇති බලතල අනුව පොලීසිය මෙහෙයුම් කටයුතු ඉදිරියේ දී නොනවත්වා සිදුකරන බවයි.

එමෙන්ම වෙනත් රාජකාරීවල යොදවා තිබූ පොලිස් නිලධාරීන් අපරාධ මර්ධනය කිරීම සඳහා යොදාගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පොලීසියේ නිලධාරීන්ගේ පවතින හිඟයත් සමඟ ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා තිබූ පොලිස් නිලධාරීන් අපරාධ වැළක්වීමේ මෙහෙයුම් සඳහා එක්කර ගන්නා බව ද වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?