AFC Banner
Empty Ad
Empty Ad

මිචල් ස්ටාර්ක්ගේ නම ඉදිරියේ අමිහිරි එක්දින තරග වාර්තාවක් (වීඩියෝ)

ලියම් ලිවින්ග්ස්ටන් නොදැවී රැස්කළ ලකුණු 62ත් සමඟ ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ (27) ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක්දින තරගයෙන් ලකුණු 186ක දැවැන්ත ජයක් හිමිකර ගන්නට එංගලන්තය සමත් වුණා.

මෙම ජයත් සමඟ තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 02-02ක් ලෙස සම තත්ත්වයට රැගෙන එන්නට එංගලන්තයට හැකියාව ලැබුණා.

2018 වසරේ දී ට්‍රෙන්ට් බ්‍රිජ්හිදී ලැබූ ලකුණු 242ක දැවැන්ත ජයග්‍රහණයෙන් පසු එක්දින තරගයක දී එංගලන්තය, ඕස්ට්‍රේලියාව පරාජය කළ දෙවන විශාලතම ලකුණු සංඛ්‍යාව මෙය වනවා.

මේ අතර එක්දින තරගයක දී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙක් පන්දු වාරයක දී ලබාදුන් ඉහළම ලකුණු සංඛ්‍යාවේ අමිහිරි වාර්තාව මෙම තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක මිචල් ස්ටාර්ක්ගේ නම ඉදිරියේ ලියවුණා.

එංගලන්ත ඉනිමේ 39 වන පන්දුවාරය යැවූ මිචල් ස්ටාර්ක් එම පන්දුවාරය තුළ ලකුණු 28ක් ප්‍රතිවාදී එංගලන්තයට ලබා දුන්නා.

මිචල් ස්ටාර්ක් යැවූ එම පන්දුවාරයට එංගලන්ත ක්‍රීඩක ලියම් ලිවින්ග්ස්ටන් හයේ පහර 04ක් සහ හතරේ පහරක් සමඟ (6,0,6,6,6,4) මෙම ලකුණු 28 රැස් කළා.

මේ අතර මෙම තරගයේ දී මිචල් ස්ටාර්ක් පන්දුවාර 08ක් යවා ලකුණු 70ක් ප්‍රතිවාදී එංගලන්තය ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රමාත්‍ය හරිනිට සජබයෙන් දෝස්මුරයක් - සජිත්ගේ සක්වල වැඩසටහන් නවතී ? #npp #sajith
02:19
Video thumbnail
තවම අවසන් තීන්දුවකට පැමිණිලා නෑ
01:52
Video thumbnail
එක්සත් ජාතික පක්ෂ නායකත්ව අරබුධය යළිත් උඩු දුවයි #unp #sjb #sajithpremadasa #ranilwickremesinghe
02:38
Video thumbnail
අලුත් වෙනස හොයන්න ගිහින් - ජනතාව නියඟලා අලේ කෑවා / මාලිමාවට දැන් දැන් සැර කැපිලි #npp #akd
01:58
Video thumbnail
බලන්නකෝ අගමැතිනියට දෙන ආරක්ෂාව - සෝබන උත්සව නෑ - බොරු රැඟිලි නෑ #hariniamarasuriya #npp
01:58
Video thumbnail
🛑Breaking News - හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි #brekingnews #kumarawelgama
00:33
Video thumbnail
ඔයා ඔයා වෙනුවෙන්ම - දවසක් වෙන්කරගන්න
10:02
Video thumbnail
අපි ළදරු ආණ්ඩුවක්
01:31
Video thumbnail
අනුරට තිබ්බා වෙඩි නොවදින රථයක්
07:54
Video thumbnail
KASTHIRAMA |ජාතික ජනබලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල සහ හිටපු පා.ම ජගත් කුමාර සහභාගී වන කස්තිරම
01:35:45

?