AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ කොමිසම අද රැස්වෙයි – තේරීම්භාර නිලධාරීනුත් කොළඹට

මැතිවරණ කොමිෂන් සභාව අද (28) දිනයේ රැස්වීමට නියමිත බව වාර්තා වනවා.

එහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

මහ මැතිවරණය සඳහා වැයවන පිරිවැය පිළිබඳ අවසන් එකඟතාවයකට ද මෙහිදී එළඹීමට නියමිතයි.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැයවනු ඇති බවට ගණන් බලා ඇති මුදල රුපියල් බිලියන 11ක්.

මේ අතර සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (28) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඉදිරි මැතිවරණ කටයුතුවල ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එළඹෙන නොවැම්බර් මස 14 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?