AFC Banner
Empty Ad
Empty Ad

ලක්ෂ 31කට විද්ද නාත්තන්ඩිය ප්‍රා.සභාවේ මුදල් අයකැමි කත අත්අඩංගුවේ

රුපියල් ලක්ෂ 31 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මුදල් අයකැමි ලෙස සේවය කරන ලද කළමණාකරණ සහකාරවරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා

මාරවිල පොලීසිය විසින් අදාළ කාන්තාව ඊයේ (27) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පොලිසියට සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප්‍රාදේශීය සභාව තුළ කාලයක සිට මෙම මුදල් වංචාව සිදුකර ඇති බව ද පැමිණිලිකාරිය පොලීසියට පවසා ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකාර කළමණාකරණ සහකාරවරිය නාත්තන්ඩිය, අඹගහවාඩිය ප්‍රදෙශේ පදිංචිකාරිනියක් වන අතර, මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?