AFC Banner
Empty Ad
Empty Ad

නඩුබඩු කාමරයේ තිබූ මිලියන ගාණක හෙරොයින් අතුරුදන් වීම ගැන උසාවියෙන් CID වෙත නියෝගයක්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් මිලියන 240 ක් වටිනා හෙරොයින් කිලෝ 12 ක් අස්ථානගතවීමේ සිද්ධියට තවත් පුද්ගලයන් සම්බන්ධව සිටී ද යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනකුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) නියෝග කළා.

හෙරොයින් කිලෝ 12ක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩුබඩු කාමරයේ හිටපු භාරකරු වන මොහොමඩ් නියාස් මොහොමඩ් නද්මි නමැත්තාගෙන් හා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ විස්කි බෝතල් අතුරුදන්වීම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සම්පත් නමැති සැකකරුවන් දෙදෙනාගෙන් එසේ ප්‍රකාශ ලබාගැනීමට අධිකරණයෙන් නියම වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 12ක් අස්ථානගතවීමේ සිද්ධියට තවත් පුද්ගලයන් සම්බන්ධවී තිබේ ද යන්න පිළිබඳ ව විමර්ශනය කිරීම සඳහා අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?