මහා­ධි­ක­රණ විනි­සුරුට අපහාස කළ බස් රථ රියදුරෙකු ඇතුළු තිදෙ­නෙකුට අධිකරණයෙන් දැඩි නියෝගයක්

මන්නා­රම මහා­ධි­ක­රණ විනි­සුරු එම්.එම්.එම්. මිහාල් මහ­තාගේ ඡායා­රූප ඇතු­ළත් කර­මින් එතු­මාට අප­හා­ස­යක් සිදු­වන පරිදි කොළඹ සහ තදා­සන්න ප්‍රදේ­ශ­වල පෝස්ටර් ඇලවූ පෞද්ග­ලික බස් රථ රියැ­දු­රකු ඇතුළු තිදෙ­නකු ලබන ඔක්තෝබර් 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

මාතලේ ඉෂාන් රවිෂ්ක, මඩ පාත මනෝච් මධුසංඛ හා ඇරව්වල ක්‍රිෂාන් නාලක යන සැකකරුවන් මෙලෙස අද (26) දින තව දුරටත් රක්ෂිත බන්දනාගාරගත කරනු ලැබුවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉකුත් අගෝස්තු මස 28 වැනි දින කොටුව දුම්රිය ස්ථානය අසල, රේගුව ආස­න්නයේ, අලු­ත්කඩේ මහා­ධි­ක­ර­ණය ආස­න්නයේ, පැල­වත්ත, බත්ත­ර­මුල්ල හා ගල්කිස්ස ආදි ජනා­කීර්ණ ප්‍රදේ­ශ­වල මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යාට අප­හා­ස­යක් වන පරිදි පෝස්ටරයක් සැකකරුවන් විසින් අලවා ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පහරදීම සම්බන්ධයෙන් අධි චෝදනාලත් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව මන්නාරම මහාධිකරණය මගින් තීන්දුව ලබාදීමට පෙර දින මෙම පෝස්ටර් අලවා ඇති බවද අපරාධ කොට්ටාස නිලධාරීන් සඳහන් කෙරුණා.

මහාධිකරණය මගින් අධි චෝදනා ලැබ වරදකරුවන් වූ චූදිතීන්ගේ මිතුරන් යැයි කියන පිරිසක් මෙම අපරාදය මෙහෙයවා ඇති බවට සාක්ෂි ඇති බවත් මෙම සැකකරුවන් විසින් පෝස්ටර් අලවා අදාළ ඡායාරූප අපරාධය මෙහෙයවූ පුද්ගලයන්ට යවා ඇති බවද හෙළිකර ගත් බව අපරාධ කොට්ටාස නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

“ලෝක අධිකරණ ඉතිහාසයේ එක් දිනක් තුළ සාක්ෂි පනස් තුනක් විභාග කරලා.”අධිකරණ සේවා කොමිසම නිදිද?”යනුවෙන් සඳහන් කර ඡායාරූප ද සහිතව පෝස්ටරේ ප්‍රදර්ශනය කර ඇති බව සඳහන් කළ අපරාධ කොට්ටාස නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ මෙම පෝස්ටරය සම්පූර්ණයෙන් අපහාසයක් බවත් අදාළ මහාධිකරණ නඩුව 2011 වසරේ පවරා, නඩු විභාගය 2021 වසරේ ආරම්භ කර 2024 අගෝස්තු මස 29 වැනි දින තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නඩුවක් බවත්, අපරාධකරුවන් සිය මිතුරු චූදිතීන්ගේ බලපෑම මත මෙම පෝස්ටරේ අලවා ඇති බවත්ය.

බස්නා­හිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති කොළඹ අප­රාධ කොට්ඨා­සය වෙත කළ පැමිණිල්ල හා මහා­ධි­ක­රණ විනි­සුරු වරයා ඉදිරිපත් කළ පැමි­ණි­ල්ල ප්‍රකාරව තවදුරටත් විමර්ශන සිදු කරන බවත් සඳහන් කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත, උප පොලිස් පරී­ක්ෂක චතු­රංග ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­යමක් අධිකරණයේ පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49